Tutorial - Videos

නවක සිසුවෙක් වෙබ් අඩවියේ account එකක් create කරගන්නා ආකාරය

පන්තියක්/පාඩමක් මිලදීගන්නා ආකාරය හා card payment සිදුකරන ආකාරය

Direct Bank Transfer/ බැංකු ගිණුමට ගෙවීම සිදුකර පන්තියක් මිලදී ගන්නා ආකාරය

අලුතින් පන්තිවලට ඇතුලත් වීම හෝ වෙනත් යමක් සම්බන්ධව ඔබට මතුවන ගැටලු විමසීමට පහතින් අපගේ telegram hotline අංශය සමඟ සම්බන්ධ වන්න.

FAQ (Frequently Asked Questions)

  1. www.echem.lk වෙබ් අඩවියේ student portal වෙත පිවිස, එහි create account වෙත පිවිස තමාට ගිණුමක් සකස්කර ගැනීම හා එහිදී තම email ලිපිනයට ලැබෙන email එක හරහා තම ගිණුම verify කරගැනීම. (වැඩිදුර උපදෙස් සඳහා – https://youtu.be/jrqEJwANVrs)

  2. student’s dashboard හි ඇති “purchase classes” හි ඔබට සහභාගී වීමට අවශ්‍ය පන්තිය පන්තිය තෝරාගෙන මිලදී ගැනීම.
    පන්තියක් මිලදී ගන්නා ආකාරය දැක්වෙන tutorial videos
    Card Payement: https://youtu.be/8nZ7l2S2CVM
    Bank Transfer: https://youtu.be/AcuGeKGEogo

  3. student’s dashboard හි ඇති “My Classes” හරහා ගොස් ඔබ ඉහත මිලදී ගත් පන්තිය තෝරාගෙන අධ්‍යනය කිරීම.

1️⃣ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පන්තිය Oder කිරීම

මේ සඳහා echem.lk වෙබ් අඩවියේ ඔබගේ ගිණුමට log වී, student dashboard හි ඇති “purchase classes” ලෙස සඳහන් කොටුවට පිවිසෙන්න. එහිදී ලැබෙන තිරයේ ඔබට අවශ්‍ය පන්තිය මත touch කරන්න. ඉන් පසු ලැබෙන තිරයේ ඇති “Buy Now” touch කරන්න. ඉන් පසු ලැබෙන තිරයේ අසා ඇති තොරතුරු සම්පූර්ණ කර අවසානයේ පහළින් “Direct Bank Transfer” තෝරා “Place Oder” ලබා දෙන්න. එවිට ලැබෙන තිරයේ screenshot එකක් ලබාගන්න.

2️⃣ බැංකුවට මුදල් තැන්පත් කිරීම

ඔබ විසින් Order කළ පන්තියේ ගාස්තුව අපගේ ගිණුමට තැන්පත් කරන්න. ගිණුම් අංක සොයාගැනීමට අපහසු නම් student’s dashboard හි ඇති Direct Bank Transfer යන කොටුව හරහා පිවිසීමෙන් ද ලබාගත හැක. මුදල් ගෙවීමේදී ලැබෙන slip එකේ photo එකක් ද ලබා ගන්න.

3️⃣ ඔබ මුදල් ගෙවූ බව අප වෙත තහවුරු කිරීම

Student’s dashboard හි ඇති Direct Bank Transfer කොටුව හරහා පිවිස එහි ඇති “Confirm Payment” යන button එක touch කරන්න. එහි අසා ඇති තොරතුරු සම්පූර්ණ කර අවසානයේ දී ඉල්ලා ඇති පරිදි මුදල් ගෙවීමේදී ලැබෙන slip පතෙහි photo එකක් ද එයට upload කර submit කරන්න.

ඉහත 3 පියවර සිදු කිරීමට තරම් ඔබට තාක්ෂණය පිළිබඳව අවබෝධයක් නැති නම් හෝ කිසියම් ගැටලුවක් මතුවන්නේ නම්, 0787879291 යන telegram අංකයට (හෝ https://t.me/eChem_lk යන link එකට) පහත ආකාරයට සකස් කළ message එකක් හා slip පතෙහි photo එකක් යවන්න.

Email – abc@gmail.com
Index No (තිබේ නම් පමණක්) – A011111
Order Number – 60240
Name – Kavindu Maduranga
Phone number – 0771234567
ගෙවූ මුදල හා පන්තිය – Rs.3500 (Revision + Paper)
මුදල් ගෙවීම සිදු කළේ අපගේ කවර බැංකු ගිණුමටද යන්න – සම්පත් බැංකුව

ඉදිරියෙන් දැක්වෙන වීඩියෝවේ මිනිත්තු 1යි තත්පර 15 සිට ඉදිරියට නරඹන්න. – බැංකු තැන්පතුවක් සිදු කර එම slip එක අප වෙත submit කළ යුතු ආකාරය

 පන්ති සඳහා සහභාගී වීමට ඔබ ලියාපදිංචි වීමේ පෝරමය පුරවා දින දෙකක් ඇතුළත ඔබගේ index number එක සඳහන් email එකක් ඔබ වෙත ලැබෙනු ඇත. inbox මෙන්ම spams වලද බලන්න (පැය 48ක් තුළ ද එවන්නක් නොලැබුණි නම් https://t.me/echemlk_hotline වෙත පිවිස message එකක් යොමු කරන්න) 


පන්තිය මිලදී ගැනීමෙන් අනතුරුව My Classes වෙත පිවිසෙන්න. එහි ඔබ මිලදීගත් පන්තිය ඇත්නම් ඔබගේ මිලදී ගැනීම සාර්ථක වේ. (සැ.යු. – බැංකු තැන්පතුවක් හරහා සිදුකළ මුදල් ගෙවීමක් සඳහා පන්තියකට අවසර ලැබීමට පැය 6කට ආසන්න කාලයක් ගතවිය හැක.)

ඔබ කලේ බැංකු තැන්පතුවක් නම් එය අප විසින් පරික්ෂාකර පන්තිය සඳහා අවසර ලබාදීමට පැය 6ක පමණ කාලයක් ගතවේ. නමුත් ඔබ කළේ කාඩ්පත් මඟින් ගෙවීමක් නම් ඒ සඳහා ඔබට එම මොහොතේම අවසර ලැබිය යුතු යි. එසේ ලැබී නොමැති නම් https://t.me/echemlk_hotline වෙත පිවිස ඒ බව message එකකින් දන්වන්න.  

කාඩ්පතක් මඟින් ගෙවීම
කාඩ්පතක් මඟින් ගෙවීමක් සිදුකළ විට එම මොහොතේම ඔබට අදාල පන්තිය සඳහා අවසර ලැබෙන අතර බැංකු තැන්පතුවක් මඟින් කළ ගෙවීමක් අප පාර්ශ්වයෙන් තහවුරු වී අදාල පන්තිය සඳහා අවසර ලැබීමට පැය 6කට ආසන්න කාලයක් ගතවේ.

නැත, ඕනෑ ම visa හෝ master කාඩ්පතක් (credit හෝ debit) මඟින් ගෙවීම සිදු කළ හැක.