උසස්පෙළ විභාග ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 20 – 24 අතර ප්‍රමාණයක් ආවරණය වන, විෂය නිර්දේශයේ එන 6 වන ඒකකය වන අකාබනික රසායනය පාඩමේ 16 කාණ්ඩය කොටසෙහි විභාගයට අවශ්‍ය සියලුම දැනුම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සකස් කර ඇති පාඨමාලාවකි. සිද්ධාන්ත හා පුණරීක්ෂණ යන ඕනෑ ම පන්තියක සිසුවෙකුට ගැලපෙන පරිදි සකස්කර ඇති අතර මුල සිට සරලව අරඹා ඉතා ගැඹුරු සිද්ධාන්ත දක්වා ක්‍රමානුකූලව ඉගැන්වීම සිදු කෙරෙන බැවින් සහ ඕනෑ ම මට්ටමක සිසුවෙකුට මෙම පාඨමාලාව යෝග්‍ය වනු ඇත.
මෙම study pack එක මිලදීගැනීමෙන් පසු අය අධ්‍යනය සඳහා මාසයක කාලයක් සිසුන්ට හිමිවේ.
Study pack එක අධ්‍යනයේදී උපරිම ඵලදායීතාවයක් ලබාගැනීම සඳහා උපදෙස්…
- කාලය සහ data වියදම අවම කරගැනීම සඳහා මෙම video පාඩම් වල සටහන් ලිවීම සඳහා අමතර වෙලාවක් වෙන්කර නොමැති අතර සම්පූර්ණ සටහන අඩංගු වන නිබන්ධනයක pdf එකක් මේ සමඟ ලබාදී ඇත. (අවශ්‍ය සිසුන්ට inorganic සම්පූර්ණ නිබන්ධන මාලාව තැපැල් හෝ කුරියර් හරහා නිවසට ගෙන්වාගත හැක)
- තමාගේම සටහනක් සාදාගැනීමට හෝ නිබන්ධනයේ අමතර සටහන් කරගැනීම් සිදුකරගැනීමට අවශ්‍ය නම් video එක නවතා ඒවා සටහන් කරගැනීම සිදුකළ යුතු ය.
- පාඩම අධ්‍යනය කිරීමට යෝග්‍ය කාලසටහනක් ද ගැලපෙන පරිදි සකස්කරගෙන අඩුම කාලයක් තුළ අධ්‍යනය කර අවසන් කිරීම සිදු කිරීම යෝග්‍ය වේ.
- අවසානයේ ලබාදී ඇති revise audio file එක සම්පූර්ණ පාඩම නැවත revise කිරීමට භාවිතා කරන්න. අවශ්‍ය ඕනෑම වාර ගණනක් එයට සවන්දීමෙන් මතකය වඩාත් වර්ධනය කරගත හැක. ගමන් බිමන් අතරතුර වුවද ඇසිය හැකි audio එකක් වන බැවින් ඒ සඳහා වෙනම කාලයක් ගතකළ යුතු ද නැත.
16 කාණ්ඩය Study Pack – Tutes
This section does not have any lessons.Inorganic පුළුවන් ද කියලා අහනකොට බෑ කියලා පන්තියට ආපු ළමයින්ට උගන්නලා ආපහු සැරයක් ඒ ප්‍රශ්නෙම අහනකොට දුන්න උත්තර…






















