• Syllabus Coverage

    මාස 8ක් ඇතුළත 1 සිට 14 දක්වා සියළුම පාඩම් සම්පූර්ණ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න පන්තිය තුළදීම සිදුකරමින් ආවරණය කෙරේ.

  • Instructing Teams

    සෑම සිසුවෙකුටම instructor කෙනෙක් ලබාදෙන අතර සිසුවාගේ ප්‍රශ්න පත්‍ර බැලීම, homework පරික්ෂා කිරීම, ප්‍රගතිය අධ්‍යනය සහ අවශ්‍ය අවස්ථාවලදී උපදෙස් සැපයීම ඇතුළු තවත් සේවාවන් රැසක් instructor හරහා සිදුවේ.

  • Memory Plus Programme

    අකාබනික රසායනය,කාබනික රසායනය, කර්මාන්ත හා පරිසර රසායනය වැනි සිසුන් විශේෂයෙන් පාඩම් කිරීමට අපහසුයි යැයි සලකන විෂය කොටස් මතක තබා ගැනීමට පහසු වන ගුරුවරයාටම ආවේණික කෙටි ක්‍රම හා පාඩම් කිරීමේ උපක්‍රම අනුව සකස් කරන ලද Memory Plus වැඩසටහන.

  • Weekly Review

    සෑම සතියකම පන්තිය ආරම්භයේ දී ලබා දෙන Weekly Review ප්‍රශ්න පත්‍ර තුළින් පසුගිය සතියේ අධ්‍යනය කළ කොටස් වල මතකය තහහවුරු කිරීම.

  • Unit Test

    සෑම ඒකකයක් අවසානයේ ම ලබාදෙන Unit Test ප්‍රශ්න පත්‍රය හරහා පාඩමෙන් පාඩමට ක්‍රමානුකූලව සිසුන්ගේ දැනුම ගොඩනැගීම හා පරික්ෂා කිරීම.

  • Homework

    සෑම සතියකටම අදාලව Homework ලබාදෙන අතර ඒවා සිසුන් සිදු කරන්නේද යන්න පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ද සකසා ඇත.

  • Model papers

    උසස්පෙළ ප්‍රශ්න පත්‍රය පිළිබඳව ගුරුවරයා සතු සමීප අත්දැකීම් මත සකස්කළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කාලරාමු තුළ සිදු කරවීම සහ ඒවා පරික්ෂාකර ලකුණු ලබා දීම.

  • All 3 Subjects

    උපරිම ප්‍රතිඵලයක් සඳහා විභාගයට සූදානම් වීමේ දී රසායන විද්‍යාවට පමණක් නොව විෂයයන් 3ටම අදාලව සිසුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් දැන ගැනීමට අවස්ථාව ලැබීම.

  • Discussion Groups

    විෂයට අදාලව සිසුන්ට මතුවන ගැටලු සාකච්ඡා කිරීමට සකස්කල ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන Discussion Groups පැවතීම.

  • Live Zoom Classes

    සජීවීව zoom ඔස්සේ පන්ති ක්‍රියාත්මක වන අතර පාඩම අතරතුර සිසුන්ට ඇතිවන ගැටලු එම මොහොතේම ගුරුවරයාට ඉදිරිපත්කර නිරාකරණය කරගැනීමට සිසුන්ට අවස්ථාව ඇත. (පාඩම මඟහැරුණ හෝ නැවත අධ්‍යනය කිරීමට අවශ්‍ය සිසුන්ට පටිගතකළ වීඩියෝව ලබාගැනීමේ අවස්ථාව ඇත.)