විභාගය දක්වාම online ද පන්තිය සිදු කෙරේ.

පන්තියට ලියාපදිංචි වීමේ පියවර

මෙම වීඩියෝව ජනවාරි මාසයට අදාලව සකස් කළ එකක් වන බැවින් මෙහි ඇතුලත්ව ඇත්තේ ජනවාරි මාසයේ අවසන් කරන පාඩම් සම්බන්ධව පමණි. මාර්තු මාසයේ සිදුකරන පාඩ්ම් පිළිබඳව පහළින් තොරතුරු දක්වා ඇත. කෙසේ නමුත් ලියාපදිංචි වීමේ පියවර, කාලසටහන, පන්ති ගාස්තු ඇතුළු අනෙකුත් තොරතුරු මෙම මාසයට ද පොදු වේ.

පුණරීක්ෂණ පන්තියේ මාර්තු මාසයේ ආවරණය වන පාඩම්

  1. කාබනික රසායනය ඇරඹේ.
  2. සමතුළිතතාවය (Kp & Kc)
  3. ආවර්තීය විචලන
  • පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වාම සියලු සිද්ධාන්ත කොටස් ඉක්මනින් නමුත් සම්පූර්ණයෙන් ආවරණය කරමින් විභාගයට අවශ්‍ය වන උපරිම දැනුම සිසුන් තුළ ගොඩ නැගීම පුණරීකෂණ පන්තියේ අරමුණයි. ඉතාම පහළ මට්ටමේ විෂය දැනුමක් සහිත සිසුවෙක්ට වුව ද පහසුවෙන් උපරිම දැනුම් මට්ටමකට යා හැකි වන පරිදි සකස් කර ඇත.
  • සියලු ම පාඩම් පිළිබඳව ඉතා හොඳ විෂය අවබෝධයකින් යුතු හා සිසුන්ගේ මානසික මට්ටම හොඳින් හඳුනන ගුරුවරයෙකු විසින් ඉගැන්වීම් සිදුවන බැවින්, පහසුවෙන්, මනසට කාවදින පරිදි ඉගැන්වීම් කටයුතු සිදු වීම.

  • සෑම පාඩමකට ම වැඩි ම ප්‍රශ්න ප්‍රමණයක් පන්තිය තුළ ම සිදු කරන පන්තිය වීම.

  • සිසුන් විශේෂයෙන් පාඩම් කිරීමට අපහසුයි යැයි සලකන විෂය කොටස් මතක තබා ගැනීමට පහසු වන ගුරුවරයාටම ආවේණික කෙටි ක්‍රම හා පාඩම් කිරීමේ උපක්‍රම දැන ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබීම.

  • උපරිම ප්‍රතිඵලයක් සඳහා විභාගයට සූදානම් වීමේ දී රසායන විද්‍යාවට පමණක් නොව විෂයයන් 3ටම අදාලව සිසුන් විසින් අනුගමනය කළ යුතු (ගුරුවරයා විසින් වසර කිහිපයකට පෙර අනුගමනය කළ, අත්දුටු ප්‍රත්‍යක්ෂ ) ක්‍රමවේදයන් දැන ගැනීමට අවස්ථාව ලැබීම.

  • සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන් ම නිබන්ධන ලබා දෙන බැවින් English Medium සිසුන්ට ද සහභාගී වීමේ අවස්ථාව පැවතීම.

2020 වසරේ අප පන්තියේ ඉහළ ම දක්ෂතා පෙන්වූ, මෙවර විභාගයට සාර්ථකව මුහුණ දුන් සිසුන්ගෙන් සමන්විත මඟපෙන්වීමේ කණ්ඩායමක් (Instructing Team) අප සතු වේ.

පන්තියට සහභාගී වීමේ දී සිසුන්ට ලැබෙන ඇතුලත් වීමේ අංකය අනුව අනුව පුනරීක්ෂණ පන්තියේ සියලුම සිසුන්, 30 බැගින් පමණ වන කණ්ඩායම් වලට වෙන් කෙරෙන අතර එම සෑම කණ්ඩායමකට ම නායකත්වයට Instructor කෙනෙකු බැඟින් ලැබේ. එතැන් පටන් එම සිසුන් කණ්ඩායමේ සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර බැලීම, ගෙදර වැඩ බැලීම, වෙනත් විෂය සම්බන්ද හෝ පරිබාහිර ගැටලු සියල්ල පිළිබඳව සොයා බැලීම ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ එම කණ්ඩායමට අදාල Instructor විසින් සිදු කෙරෙනු ඇත. මේ යටතේ සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානයක් හිමි වන අතර කිසිදු සිසුවෙකුට වැඩ නොකර පන්තිය තුළ සිටීමට අවස්ථාවක් හිමි නොවේ. මෙම ක්‍රමවේදය ඔස්සේ අප ඕනෑ ම දුර්වල මට්ටමක සිටින සිසුවෙකුට අවම C සාමාර්ථයක් සහතික කරනු ලැබේ.

  • පන්ති සඳහා මාසිකව පන්ති ගාස්තු පහත පරිදි වේ.
      • 2021 Revision Only – රු. 2000 (නවක සිසුන් සඳහා පසුගිය මාසයේ පාඩම්ද අවශ්‍ය නම් රු. 2500)

      • 2021 Paper Only – රු. 1500

      • 2021 Revision + Paper Class – රු. 3200 (නවක සිසුන් සඳහා පසුගිය මාසයේ පාඩම්ද අවශ්‍ය නම් රු. 3700)